කරුවලගස්වැව උද්ඝෝෂකයන්ට කරුවල දසාවක්


පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී වැලි ට්‍රැක්ටරයක් මුදා ගත් බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති පොලිස් අත් අඩංගුවෙන් මුදා ගැනීම සඳහා පසුගිය 8 වෙනිදා උද්ඝෝෂණය කළ 12 දෙනෙකු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගන්නා ලස මෙම පිරිස පුත්තලම පොලිසියේ රඳවනු ලැබ සිටිති.

මොවුන් අතර එජාප, ජවිපෙ හා සන්දාන ආදාරකරුවෝද  වෙති

පොලීසිය අසල උද්ඝෝෂණය කළ පිරිස අතර සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ද සිටියේය.

මෙම 12 දෙනා අතරට ඔහු අයිති නැති බව දැනගන්නට ඇත.