කරුවලගස් වැව ප්‍රා. සභාපති අත්අඩංගුවට


තබ්බෝව වැවේ වාරි ක්ෂේත්‍ර සහකාර වරයකුට පහරදුන්නැයි සැකපිට කරුවලගස් වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මින් මද වේලාවකට කලින් කරුවලගස් වැව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පහරකෑ බව කියන සුපුන් දිසානායක මහතා රෝහල්ගත කරනු ලැබ සිටියි. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය