කරුණාවයි කරුණාවයි සිරිපා කරුණාවයි


ශ්‍රී පාද වන්දනා සමය අරඹමින් පැල්මඩුල්ල ගල් පොත්තාවල ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සමන් දෙවි ප්‍රතිමා සහ දේවාභරණ මළුවට වැඩම කරවීමේ ඓතිහාසික පෙරහර අද අලුයම ආරම්භ විය.

උඳුවප් පොහොය දා (සඳුදා) සිට ලබන වෙසක් පොහොය දක්වා සිරිපා සමයයි.

ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මුලින්ම ඉපැරණි චාරිත්‍ර ඉටුකරමින් සමන් දේව ප්‍රතිමාවට පූජෝපහාර දැක්වූහ.

පැල්මඩුල්ල සිට රත්නපුරය දක්වා මග දෙපස මහ පිරිස් තෙල් මල් පහන් හා පළතුරු වට්ටි සුරතින් රැගෙන පෙළ ගැසී සිටියහ.