මාලදිවයිනේ පැවැත්වෙන විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල අංශයෙන් අවසන් 16 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න සමත්වී සිටිති.
නිලූක කරුණාරත්න විසින් ලකුණු 21/18 ක් සහ 21/12 ක් ලෙසට මැලේසියානු කී‍්‍රඩක කුක් පොන්ග් ලූක් පරාජය කිරීමත් සමගම නිලූකට තරග වට 2 - 0 ක ජයක් ලැබිණ.
නිලූකගේ සොහොයුරු දිනුක කරුණාරත්න තරග වට 2 - 1 ක් ලෙස කි‍්‍රස්ටියන් ලින්ඞ් තොම්සන් පරාජය කළ අතර එම තරගයේ ලකුණු සටහන් වූයේ 21/17 ක්, 21/17 ක් සහ 13/21 ක් ලෙසය.
කාන්තා කේවල ඉසව්වෙන් තරග කරන ලේඛා ශෙහානිද අවසන් 16 දෙනා අතරට පැමිණීමට සුසුදුකම් ලබාගෙන තිබේ. ඇය අද (6 වැනිදා) සවස ශ්‍රේණිගත කිරීම් වල 5 වැනි ස්ථානයේ පසුවන කැනේඩියානු කී‍්‍රඩිකා ලී මිචෙල් සමග තරග වැදීමට සූදානමින් සිටියාය.
මෙම තරගාවලිය 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඉන්දියාව, කොරියාව, ඉන්දුනීසියාව, චීන තායිපේ හා මැලේසියාව ඇතුළු රටවල් 15 ක් පමණ මෙම තරගාවලියට ඉදිරිපත් වී සිටිති.
(*)