කරුණානිධි ලංකාවට බනී


අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන බව පවසා  ශ්‍රී ලංකා රජය ඉන්දියාව රවටා ඇති බව ඩී.එම්.කේ පක්ෂ නායක මුතුවේල් කරුණානිධි පවසයි.  ද හින්දු පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ පසුගියදා ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 86 දෙනෙකු නිදහස් කිරීමට ලක් රජය පොරොන්දු වූ බව ඉන්දීය රජය ප්‍රකාශ කළ බවයි.

ඒ වෙනුවට ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු නිදහස් කරන බව ද ඉන්දීය   රජය ප්‍රකාශ කළ බව කරුණා නිධි පෙන්වා දෙයි.කෙසේවෙතත් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තවත් ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පවසන කරුණා නිධි ඉන්දීය ධීවරයින් නිදහස් නෙකිරීම පිළීබඳ පුදුමයට පත් වන බව පවසයි.

ප්‍රමාදයකින් තොරව ඉන්දියාව මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජය ඉදිරි වසර දෙක ඇතුළත ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව ඔහු අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.