රජයේ වාහන අවභාවිතා කිරිමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහිව ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද (01) කැදවිණි.
එම නඩුවේ උදෘත නීතිපති වෙත යවා ඇති බවත් නීතිපති උපදසේ අනුව ක්‍රියා කරන බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට සඳහන් කළේය.
විත්තියේ නිතිඥවරයාගේ ඉල්ලීම් පරිදි සතියකට වරක් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස පනවා ඇති නියෝග මසකට වරක් කිරිමට ලෙස ලිහිල් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
නඩුව මැයි 24 වැනි දා දක්වා යළි කැඳවීමට නියමිතය.

