කරුණා ඇප ඉල්ලයි:තීන්දුව සඳුදා


විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමති අද(01) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මෝසමක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියේය.

රුපියල් අට කෝටියක් වටිනා වෙඩි නොවදින රථයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් ගත කර සිටි.

ඔහු විසින් ඉදිරිපත් කැරුණු ලියවිලි සලකා බලා ඔහුට ඇප දෙනවාද නැතිද යන්න තීරණය ලබන සඳුදාට(05) කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා තීන්දු කළේය.