කරුට වඳින්නත් නොදේ


දකුණු ඉන්දියාවේ නාගපට්ටම්හි සුප්‍රකට අමිර්ත කාල්ශ්වර කෝවිල වැඳපුදා ගැනීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරියට එරෙහිව ඊලාම් වාදීන් සහ ඔවුන්ගේ සගයන් විරෝධතාවයක් වූ බවත් ඒ හේතුවෙන් ඔහු  දේවාලය වැඳපුදා ගැනීම අතහැර ආපසු පැමිණීමට සිදුවූ බව ඉන්දීය මාධ්‍ය කියයි.

11 වැනි ශතවර්ෂයේ දකුණු ඉන්දියාව පාලනයකළ රාජා රාජා චෝලන් අධිරාජයාගේ කාලයේ පටන් පැවතී මේ  දේවාලය ඉදිකර ඇත්තේ ශිව දෙවියන් යම රජුගෙන් මාකන්දේය දෙව්වියන් බේරාගත් ස්ථානයේ බව පොදු ජනප්‍රවාදයන්හි දැක්වෙයි.

මෙම දෙවොල වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ දේශපාලඥයෝ කලක සිට යති. 

2010 දී එවකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකයාව සිටි වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාටත් ධීවර කර්මාන්ත උප අමතිධුරය හෙබවූ නියෝමාල්  පෙරේරා මහතාටත් 2012වසරේදී 178 දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය වන්දනා නඩයකටත් විරෝධතාවයන් නිසා මෙම දේවාලය වැඳපුදාගැනීමට නොහැකිවී ඇත.

මෙවර විරෝධතාවයට ඊලාම් හිතවතුන් සමඟ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්, භාරත ජනතා,මුරුමලාර්ච් ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් සහ පට්ටලි මක්කම් කච්චි පක්ෂවල ක්‍රියාකාරීන් සහභාගීවී ඇත.

ඉන්දියා  පොලිසිය ජයසුරිය මහතාට ආරක්ෂාව සැපයීය.