විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලයේ පක්ෂය මෙහෙයවීම නායකත්ව මණ්ඩලය නායක කරු ජයසූරිය මහතාටත්, සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක ධුරයේ වැඩ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතාටත් පවරා ඇතැයි එක්සත් ජාතික පක්ෂය කියයි.
වික්‍රමසිංහ මහතා ඇමෙරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ රොබර්ට් ඊ විල්හෙල්මි අධි සාමාජිකත්වය ලැබ එහි දේශන සහ සාකච්ඡා සඳහා සහභාගීවිමට අද (6) පිටත්ව ගියේය.
ඔහු මාසයක් පමණ රටින් බැහැරව සිටිතියි පැවසේ.

