පෞද්ගලික සංචාරයක යෙදෙමින් ලන්ඩන් නුවරට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ නායක මණ්ඩල සභාපති දේශබන්දු කරු ජයසුරිය මහතා වෙසක් පුන් පොහොය වෙනුවෙන් ශ්‍රී ලාංකික විහාරස්ථාන කිහිපයකටගොස් තිසරණ සරණ ලබාගත්තේය.
ලන්ඩන් බෞද්ධ විහාරය, කින්ග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ තේම්ස් බෞද්ධ විහාරය වෙත පැමිණි ජයසුරිය මහතා වෙසක් සතිය වෙනුවෙන් එම විහාරස්ථානයන්හි පින්කමකට ද සහභාගී විය.
ලන්ඩන් බෞද්ධ විහාරයේදී විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල හිමියෝ ජයසුරිය මහතාට සෙත්පතමින් වෙසක් සතියේ තුල විහාරස්ථාන වෙත ගොස් තෙරුවන ආශීර්වාදය ලබාගැනීමට අදහස්කිරීම අගය කරනා බව පැවසුහ.

