එක්සත් ජාතික පක්ෂ නව නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද සමග අද මහනුවරදී මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු බැහැ දුටුවේය.
තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියන් පැවසුයේ එජාප නායකයන් එකතු වී සමගි වී පක්ෂයේ ඉදිරි වැඩකටයුතු කරගෙන යා යුතුයි.
‘දැන්වත් ඉතින් එකමුතු වී වැඩ කරගෙන යන්න’
රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවත් විපක්ෂය බලවේගයක් ලෙස ඉදිරියට රැගෙන යාම අරමුණ බවත් ශක්තිමත් විපක්ෂයක් ගොඩ නගන බවත් ජයසුරිය මහතා කීවේය.
අස්ගිරි මහා විහාරයේදී උඩුගම බුද්ධරක්ඛිත මහා නා හිමියන් කරු ජයසුරිය මහතා සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග පෞද්ගලිකව කතා බහ කළහ.