ගාල්ල ලංකාදීප මාධ්‍යවේදී සජීව විජේවීරගේ මවට ගාල්ල කරාපිටිය රෝහලේදී ප්‍රතිකාර නොකළ වෛද්‍යවරුන් ඔහු අත්අඩංගුවට ගැනීමට තැත් කිරීම හෙළා දකින බව දකුණ පළාත් ප්‍රමුඛ ජනමාධ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මෙම සිද්ධිය තරයේ හෙළා දකින බවත්, රෝගියකුට රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමේ අයිතියක් ඇතත් මිනිත්තු 45ක් යන තුරු විජේවීරගේ මවට ප්‍රතිකාර නොකළ බවත්, ඒ නිසාම ඇය වෙනත් රෝහලකට රැගෙන ගොස් ඇති බවත්, එය වෛද්‍ය ආචාර ධර්මවලට කිසිසේත්ම නොගැලපෙන බවත් එම සංගමය කියයි.
සංගමයේ සභාපති කමල් විජේහේවා හා ප්‍රධාන ලේකම් එස් සමරනායක මහත්වරුන් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටිනුයේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.