(ඩී.ජී.සුගතපාල)
කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අද (05) දහවල් රෝහල් පරිශ්‍රය තුළදී ම තවත් වෙද්‍යවරයෙකුට පහරදී තිබේ.
කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ රථගාලේ වෙනත් වෛද්‍යවරුන් ඔවුන්ගේ මෝටර් රථ නතර කිරීම සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු කර තිබේ.
තුවාල ලැබු වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම රථගාලේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ මෝටර් රථ නතර කිරීම සම්බන්ධයෙන් මෙයට පෙරද විශේෂඥ වෛද්‍යවරුන් සහ සාමාන්‍ය වෛද්‍යවරුන් අතර ගැටුම් හට ගෙන තිබිණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡාවක් පැවත්වන බවය.
ඔවුන් පැවසුවේ මෙම වෛද්‍යවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයාගෙන්ද ඉල්ලා සිටින බවයි.

