කරාටේ ක්‍රීඩාව නංවන්න ජපානයෙන් අත


මෙරට කරාටේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ජපන් කරාටේ සම්මේලනයේ ජාත්‍යන්තර ශ්‍රේණි පරික්ෂක කන්චෝ කසෝ මට්සුමරා සහ කරාටේ උපදේශක ෂිදෝ සිං මසාටෝ යන මහත්වරු දිවයිනට පැමිණියහ.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉන්දික රණතුංග පදනමේ සභාපතිවරයා ඇතුළු ජපානයේ ජාත්‍යන්තර කොකුෂායි සෙංචෙං ජාත්‍යන්තර පදනමේ ශ‍්‍රී ලංකා ශාඛාවේ නිලධාරීහු දිවයිනට පැමිණි මෙම දෙපළ පිළිගත්හ.

ශ‍්‍රී ලාංකාව පුරා විසිරී සිටින ජාතික තලයේ කරාටේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ගෙනයාම සඳහා අවශ්‍ය තාක්ෂනික පුහුණුව ලබා දීම සඳහා මොවහු මෙරටට පැමිණ ඇත.

-