කර්මාන්තශාලා ආඥාපනත සංශෝධනය කරන්න යයි


(විනීතා එම් ගමගේ)

සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරුවලින් මියයන සේවකයින් වෙනුවෙන් ගෙවන වන්දි මුදල දෙගුණයක් කෙරෙන පරිදි කර්මාන්ත ශාලා ආඥා පනතට සංශෝධන ගෙන එන්නට කම්කරු අමාත්‍යංශය සැරසෙයි.

දැනට සේවක මරණයකදී ගෙවනු ලබන වන්දිය වන රුපියල් පන් ලක්ෂ පනස් දහසේ මුදල ලක්ෂ 11 දක්වා දෙගුණයකින් වැඩි කිරීමට අදහස් කෙරෙන බව කම්කරු අමාත්‍යංශය කියයි. ඊට සමගාමීව අනෙක් අනතුරු සඳහා ගෙවන වන්දි මුදල් ද වැඩි කෙරෙනු ඇත. 

අනතුරුදායක රැකියාවන්හි නිරතවන පෞද්ගලික අංශයේ සේවකයන්ට ජීවිත රක්ෂණය අනිවාර්ය කිරීම කෙරෙහි ද කම්කරු අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.