කර්මාන්තපුර මිනුමට ගැමියෝ හරස් වෙති


අක්කර 1800 ක කර්මාන්තපුරයක් අම්බලන්තොට මාලජ්ජාව, අරවණමුල්ල, සිසිලසගම, පහළ බැරගම ගම්මානවල ඉදිකිරීම සඳහා පැමිණි මිනින්දෝරු නිලධරයන්ට ගැමියෝ විරෝධය පළ කළහ.

දකුණු පළාත් නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් හම්බන්තොට ප්‍රා ලේකම් , ග්‍රාම නිලධාරී ඇතුළු පිරිස හැරී ගියහ.

ගැමියෝ කියා සිටියේ හම්බන්තොට ඕනෑ තරම් මුඩු ඉඩම් තිබියදී ගැමියන් පදිංචි ඉඩම් මැරුවත් නොදෙන බවයි.

අරවණමුල්ල ශ්‍රී සෝමාලෝක විහාරයේ පැවැති රැස්වීමට ගැමියෝ ද පැමිණ සිටියහ. රජයේ නිලධරයන් කියා සිටියේ රජයට ගන්නා ඉඩම්වලට වන්දි දෙන බවයි. රජය මීට පෙර කියා තිබුණේ චීන රජයේ සහායෙන් ආයෝජන කලාපයක් හම්බන්තොට ඉදිකරන බවයි.

විදෙස් ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 3000 පමණ තෝරා ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් එච් කරුණාරත්න මහතා පැවැසීය.

ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු තවම ආරම්භ වී නැතැයිද තවමත් සිදු වන්නේ ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම පමණක් යැයිද ජනාවාස ප්‍රදේශ මඟ හරිමින් ඉඩම් තෝරා ගැනීමට හැකිතරම් වෙහෙසෙන්නේ යැයිද දිස්ත්‍රික් ලේකම් වරයා කීවේය.

තවමත් බඩම් හඳුනා ගැනීම සිදු කරන බැවින් ජනතාව කලබල වීමට කිසිදු හේතුවක් නැති බවත් රාජ්‍ය නිලධාරින් සඳහා අවශ්‍ය දැනුම්වත් වීම් කරගෙන යන බවත් දිස්ත්‍රික් ලේකම් කරුණාරත්න මහතා සඳහන් කළේය.

0-02-06-05efcc2a652766bdade6937d8240d35dea1d7ab43f050fe82820e17c8c208003_full 0-02-06-38faf227301f18e0e24ea7e84dd23bf9a3a94607165ff1b21a6e8e0897448d99_full 0-02-06-567ef0bc1d3425fbee146ded78d106504fc21095e24bd0fc6c5df252f365ad92_full 0-02-06-229472b28bff727b71b316e8e7a11602b2a85cf6368ca054030657734b7a7de1_full.0 0-02-06-e1cb6f0afc55e3ae455f67ebdb73c3d508400683a3d1b04a7acf59b33128e5c4_full