කර්මාන්ත ශාලාවේ ගින්නෙන් ලක්ෂ 45 ක පාඩුවක්


(චන්දන ප්‍රනාන්දු )                             
වෙන්නප්පුව ලුණුවිල කර්මාන්ත පුරයේ පිහිටි අපනයන භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලවක ඇතිවූ ගිනි ගැනිමකින් අපනයනයට සුදානම් කරමින් තිබු  විශාල භාණ්ඩ ප්‍රමාණයක්  ගින්නට හසු වි ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.

එහි තිබු යන්ත්‍ර සූත්‍ර හා අපනයනයට සුදානම් කර තිබු කොහු දැල් විශාල්  ප්‍රමාණයක් විනාශවී ගොස් ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ 45 ක් පමණ වන බව හිමිකරු සුසන්ත ලංකා මහතා පැවසීය.  
සේවකයන් වැඩ නිම වි ගිය පසු කාර්මාන්තශාලාව දෙසින් ආ දුමක් හේතුවෙන් එහි මුරකරු ඒ පිළිබඳ සොයා බැලිමේදි ගිනි ගනිමින් තිබු ගබඩා කාමරය දැක තිබේ. ගින්න පිළිබඳව එහි හිමිකරුවට දන්වා ප්‍රදේශවාසින් සමග ගින්න නිවා දැමිමට උත්සහ කළත් ඒ වනවිටත් ගින්න විශාල ප්‍රදේශයක පැතිරි තිබී ඇත.
හලාවත නගර සභා ගිනි නිවිම් ඒකකයේ හා වෙන්නප්පුව ප්‍රාදේශිය සභා වතුර බවුසරයේ සහායෙන් ගින්න මැඩ පවත්වා තිබේ.