කර්නල්වරයකු ක්‍රීඩා අධ්‍යක්ෂ කළාට විරෝධය


අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු වැනි පන්තියේ තනතුරක් වන අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා  ක්‍රීඩා ශාඛාවේ අධ්‍යක්ෂ ධුරයට යුද හමුදාවේ කර්නල් වරයකු පත් කර ඇති බවත්, එය නිවැරදි නොකළහොත් ගුරු, විදුහල්පති සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ලංකා ගුරු සංගමය කියයි.

සේවා ව්‍යවස්ථාවෙන් පිට කැබිනට් පත්‍රිකා මගින් හමුදා නිලධාරීන් සිවිල් තනතුරු සඳහා පත් කළේ පසුගිය ආණ්ඩුවෙන් බවත්, ඒවා විවේචනය කරමින් පැමිණි මේ ආණ්ඩුව ද ඒ අඩිපාරේම යන බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.