කර්ට්නි - ස්කොට් ආයේ එක්වෙලා


Kourtney-Kardashianජනප්‍රිය රියැලිටි තාරකාවියක වන කර්ට්නේ කාඩේෂියන් සහ ස්කොට් ඩිසික් තමන්ගෙ තරහමරහ අමතක කරලා නැවතත් එකතුවෙලා. මේ ගැන හෙළිවුණේ ඔවුන් දෙපළ තමන්ගෙ දරුවන් තිදෙනා නොමැතිව කැලිෆෝනියාවේ කැලබාසස්හි මාමලේඩ් අවහන්හලේදි දිවා ආහාරය සඳහා පැමිණ තිබූ අවස්ථාවක. සිනාමුසු මුහුණින් හිටපු කාඩේෂියන් ඇඳන් හිටියේ සුදුපැහැති ඇඳුමක් සහ සුදු පැහැති ජීන්ස් එකක්ලු. ඒත් ඇය එද්දි කළු පැහැති අව් කණ්ණාඩි යුවළක් දාගෙන කළු පැහැති බඳ පටියකිනුත් සැරසිලාලු ඇවිත් හිටියෙ. ඩිනික් ඇඳන් හිටියේ අළු පැහැති ඇඳුමක්ලු. කළු පැහැති තොප්පියකිනුත් ඔහු සැරසිලා හිටියලු. කාරුණික මුහුණුවරකින් හිටි ඔහු, කාඩේෂියන් වෙනුවෙන් අවන්හලේ දොර පවා විවෘත කර දුන් බවයි ආරංචි වෙන්නේ. ඉතා සතුටින් දිවා ආහාරය ගත් මේ දෙපළ, එම අවන්හලේ මිනිත්තු 45ක් පමණ තමන්ගෙ ආහාරය රස විඳලා තියෙනවා.