උදේ ඉඳන් හවස් වෙනකන්ම ගිනියම් වුණු අහස් කුසේ කරක් ගහපු නාට්‍ය පක්ෂියා පුංචි විවේකයක් ගන්න පොඞ්ඩක් ඇහැ පියවා ගත්තා විතරයි පුංචි කුරුල්ලෝ ටික වටවෙලා කිචි බිචි ගාන්න පටන් ගත්තා. හිතට පුංචි තරහක් ආවත් නාට්‍ය පක්ෂියා ආයේත් සිත වෙනස් කර ගත්තේ පොඩිවුන්නේ කියලා එකවරම මතක් වුණු නිසා.
අනේ..... කම්මැලිකමට නිදාගන්නේ නැතුව හවස පොඞ්ඩක් නාට්‍යයක් බලන්න යමුකෝ. කුරුළු පොඩිඋන් ටික එක හඬින් නාට්‍ය පක්ෂියාගෙන් ඉල්ලූවා. නාට්‍ය පක්ෂියාට ඒකට කන්නොදී ඉන්න බැහැ වගේ. පොඩි උන් හැමදාම මෙහෙම වදදෙන්නෙත් නැති නිසා පොඩිවුන්ට නාට්‍යයක් පෙන්වන්න තියෙනවා නම් හොඳයි කියලා නාට්‍ය පක්ෂියාටත් හිතුණා.
නාට්‍ය පක්ෂියා පොඩි උන්ව ගස් බෙනයෙක් ඇතුළට දමලා හැන්දෑ අහස් කුසේ ඈතටම පියඹලා ගියේ පොඩි උන්ට සුදුසු නාට්‍යයක් තියෙනවාද කියලා බලන්න. නාට්‍ය පක්ෂියාට පියාඹන්න ලැබුණේ පොඩි රවුමක් දෙකක් විතරයි. විහාර මහාදේවී පාක් එකේ ප්‍රධාන දැන්වීම් පුවරුවේ ලොකු අකුරෙන් නාට්‍ය දැන්වීමක් ගහලා තියෙනවා නාට්‍ය පක්ෂියා දුටුවා. නාට්‍ය පක්ෂියා තව වටයක් කැරකිලා දැන්වීම් පුවරුවට ළංවෙලාම බැලූවේ දැන්වීම වඩාත් හොඳින් දැක බලාගන්න.
ගිහාන් ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ, මිහිර, ඉෂාර, සමන්ත, චාමරී, රඟන 361 වේදිකා නාට්‍ය 27x28 දෙදින 3.30/6.30 ලූම්බිණි රඟහලේදී උදයසිරි වික්‍රමරත්න නාට්‍ය නිර්මාණයක්.
නාට්‍ය පක්ෂියා ඉක්මනට තමන්ගේ ජංගම දුරකතනය එළියට අරගෙන උදයසිරිට කෝල් එකක් ගත්තා.
හලෝ උදයසිරි අලූතෙන් නාට්‍යයක් කරනවා නේද? අපේ ළමයින්ට නාට්‍යයක් බලන්න ඕනේලූ. ඒ ගැන වැඩි විස්තරයක් දැන ගන්නයි කතා කළේ.
නාට්‍ය පක්ෂියා කියන දේ උදයසිරි එහා පැත්තේ ඉඳන් හොඳට අහගෙන හිටියා.
ළමයිනට නාට්‍ය කොහොමත් පෙන්වනවනේ. අපි දැන් නාට්‍යයේ පෙර පුහුණුවීම් කරනවා. ඒක බලන්න දරුවොත් එක්ක නාඩා එකට එන්න.
උදයසිරි නාට්‍ය පක්ෂියාට කළ ආරාධනය නාට්‍ය පක්ෂියාත් බොහොම කැමැත්තෙන් බාරගත්තා.
නාට්‍ය පක්ෂියා ඉක්මනට කුරුළු කූඩුවට
ගිහින් පැටවුනුත් ලක ලෑස්ති කරගෙන නාට්‍ය පුහුණුවීමක් අලූත් අත්දැකීමක් දරුවන්ට ලබාදෙන්න සූදානම් වුණා. කට්ටිය එතනට යන කොටත් සිනා සාගරයක් මවන උදයසිරිගේ අලූත්ම නාට්‍යයේ පෙර පුහුණුවීම් පටන් අරගෙන.
ගිහානුයි උමයංගනයි වැඬේට ජයටම බැහැලා. ගිහාන් මේ නාට්‍යයේ ඇඳලා ඉන්නේ දර්ශන පණ්ඩිතරන්න විදියට. උමයංගනාගේ හරි නම ශිවන්ති වුණත් ඇයට පණ්ඩිතරත්න අමතන්නේ වසන්ති හසන්ති ශාන්ත්රි ශිවන්ති කියන එක එක නම්වලින්. උමයංගනා විෂුවල් ටීවී එකේ බොහොම ජනප්‍රිය නිවේදිකාවක් විදියටයි රඟපාන්නේ.
නාට්‍ය පක්ෂියයි දරුවොයි බොහොම ආසාවෙන් නාට්‍ය හැදෙන හැටි දිහා බලාගෙන ඉන්නවා. ගිහාන්ට හරි උමයංගනාට හරි දෙයක් වැරදුනාම උදයසිරි ඒ දෙන්නා ළඟට ගිහින් ඒ අඩුපාඩුව හදනවා. දැන් පුහුණු වෙන්නේ ගිහානුයි උමයංගනායි අතර සම්මුඛ සාකච්ඡුාවේ කොටසක්.
හැම වෙලාවෙම දර්ශන ශිවන්තිගේ නම කියන්නේ වැරදියට. හරි නම සොයා ගන්න නම් හැටක් විතර දර්ශන කියනවා.
‘‘නාගරික වින්දනයේ ප්‍රධාන මූලාශ්‍රය මොකක්ද?’’
ශිවන්ති අහන්නේ දර්ශන පණ්ඩිතරත්නගෙන් ඒ කියන්නේ ගිහාන්ගෙන්.
‘‘ට්‍රැෆික්’’
ගිහාන් උත්තර දෙන්නේ ඒ විදියට.
ඒ උත්තරයෙන් උමයංගනා පුදුමයෙනුත් පුදුමයට පත්වෙනවා.
ට්‍රැෆික් නැත්නම් කිසිම වින්දනයක් නැහැ. එහෙම වින්දනයක් නැත්නම් උදේට හවසට ලක්ෂ ගාණක් පාරවල්වල ඉඳීවිද පැය ගාණක් හිරවෙලා ඉඳලා අඟලක් ඉස්සරහට ගත්තාම තියෙන සංතෝෂේ චිත්‍රපටි 1000 ක් නැරඹුවත් ලැබෙනවාද?
පණ්ඩිතරන්න තවදුරටත් ඔහුගේ අදහස පැහැදිලි කරන්නේ එහෙමයි.
මේ හැම දේම දිහා නාට්‍ය පක්ෂියායි පුංචි කුරුළු පැටවු ටිකයි බලා ඉන්නේ ගොඩාක් කුතුහලයෙන් මේ වගේ අපූරු නාට්‍යයක් හැදෙන්න සිතිවිල්ල පහළ වුනේ කොහොමද කියලා උදයසිරිගෙන් දැනගන්නකන් නාට්‍ය පක්ෂියාට නිවනක් නැහැ.
එක දවසක් ජනප්‍රිය ගායිකාවක් ආපු වැඩසටහනකදී නිවේදිකාව අහන සරල ප්‍රශ්නවලට ඇය දුන්නේ ඉතාම ගැඹුරු පිළිතුරු. නිවේදිකාව අහන දේ පිළිබඳවත් ඇයට වැටහීමක් තිබුණේ නැහැ. ඒ වැඩසටහන සහ දේශපාලන වැඩසටහන් බලන් ඉන්න කොට තමයි මෙහි හාස්‍යමය ස්වරූපය අළලා නාට්‍යයක් කරන්න ඕනේ කියලා මට කල්පනාවට ආවේ. මේ වැඩසටහන් වලින් මිනිස්සු යථාර්ථයෙන් ඈතට ගෙනයන හැටි පෙන්වා දෙන්න මට උවමනා වුණා.
එකවරම නාට්‍ය පක්ෂියාගේ ජංගම දුරකතනය කෑ මොර දෙන්න පටන් ගත්තා. නාට්‍ය පුහුණුවීම්වලට බාධාවක් නිසා ඒක කනේ තියාගෙනම නාට්‍ය පක්ෂියා එළියට බැස්සා. ඒ ඇමතුම් නාට්‍යවේදී ජයසේකර අපොන්සුගෙන්.
ආ... කුරුලූ මහත්මයා කොහෙද ඉන්නේ.
අපොන්සු ලෙංගතු කමින් කුරුලූ පක්ෂියාගෙන් ඇහුවා. අපි නාඩා එකේ නාට්‍ය පුහුණුවීමක් බලන ගමන් ඉන්නේ. ඇයි ප්‍රශ්නයක්ද?
කුරුළු පක්ෂියාගේ සිතට පුංචි අමුත්තක් දැනුණා.
ඔව්. ලොකු ප්‍රශ්නයක් තමයි. ඉක්මනට හම්බන්තොටට පියඹලා එන්න බැරිද? මුළු ලංකාවම වතුරෙන් යටවෙන්නලූ යන්නේ. අපොන්සු උත්තර දෙන්නේ කලබලයෙන්.
නාට්‍ය පක්ෂියාටත් මේ කිසි දෙයක් හිතාගන්න අමාරුයි. දෙවරක් නොසිතාම නාට්‍ය පක්ෂියාත් දරුවනුත් අරගෙන හම්බන්තොට යන්න පිටත්වුණා. ඒ යන අතරතුරත් දුරකථනයෙන් අපොන්සුව සම්බන්ධ කරගන්න නාට්‍ය පක්ෂියා අමතක කළේ නැහැ.
මොකද හරියටම වෙලා තියෙන්නේ? සිද්ධිය හරියටම නිච්චියටම දැනගන්න කම් නාට්‍ය පක්ෂියාට ඉවසුමක් නැහැ.
අපි දැන් ඉන්නේ උස් කඳුමුදුනක. මෙතන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන හැම ජාතියකම මිනිස්සු ඉන්නවා. මෙතන ඉන්න සමහර මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් වාහන කෝටි ගණන් සල්ලි හැමදේම විනාශයි. හැමෝම අනාථ වෙලා ඉන්නේ. මමයි, බිරිඳයි තමයි මුලින්ම ඇවිල්ලා මේ කඳු පන්තිය අයිති කර ගත්තේ. ඒත් දැන් තව මිනිස්සු ඇවිල්ලා මෙතන සම්පූර්ණ අවුල් ජාලාවක් වෙලා තියෙන්නේ.
නාට්‍ය පක්ෂියාත් පුළුවන් තරම් හයියෙන් තටුවලට පණ දීලා හම්බන්තොටට පියෑඹුවා. එතනට යනකොටත් ජයසේකර අපොන්සු සැලෙන්ඩර් නැහැ. කට්ටියටම පලූ යන්න බණිනවා.
අඩෝ මේක මගේ රාජ්‍යය. කවුරුත් මේකට අතදාන්න ආවෝත් මට මළ පනිනවා. මාව දැම්මේ මෙතනට ඇමැති. ඒ නිසා අපිට මෙතන පාඩුවේ ඉන්න දීලා සේරමලා ගියොත් හොඳයි.
අපොන්සුට මේ තරම් කේන්ති ගිහින් ඉන්නවා නාට්‍ය පක්ෂියා කවදාවත් දැකලා තිබුණේ නැහැ. මෙතන වෙන්නේ මොකක්ද කියලා නාට්‍ය පක්ෂියාට තේරෙන්නෙත් නැහැ. කට්ටියක් එකතු වෙලා මොකක්දෝ නාඩගමකට අරඅදින බවනම් ඌට තේරෙනවා.
නාට්‍ය පක්ෂියා අපොන්සුට ටිකක් ළංවෙලා කනට කරලා රහසක් ඇහුවා. ඌ ඇහුවේ කට්ටියට එකතු වෙලා නාට්‍ය පක්ෂියා රවට්ටනවා නේද කියලා. ඒ අහපු විදියට තවදුරටත් නාට්‍ය පක්ෂියා රවට්ටන්න අපොන්සුට හිත දුන්නේ නැහැ.
”මේක මගේ අලූත්ම නාට්‍යයේ ජවනිකාවක්. මගේ අලූත්ම නාට්‍යය රජු. ඒකේ වංශනාථ ගුණවර්ධන විදියට මම රඟපානවා. ඊට අමතරව මොරින් චාරුණි පළමු වතාවට මාත් එක්ක වේදිකාවේ රඟපානවා. ගාමිණී අපෝන්සු, ධර්මසේන දෙහිවල, තාරුකා අංජලි, නිශාන්ත කුලරත්න, තුසිත වීරසිංහ, සුනෙත් ශාන්ත, දමින්ද මෙන්ඩිස්, පි‍්‍රයන්ත රංජන් පෙරේරා, කීර්ති ද සිල්වා, තමිර අපෝන්සු, මේ නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා.
තටු, හොරු, පාතාලයේ සොල්දාදුවෝ එක්ක වේදිකාවේ වැඩ දාපු ජයසේකර අපොන්සුගේ ”රජු” පෙන්වන්නේ කවද්ද කියලා දැනගන්න කම් නාට්‍ය පක්ෂියාට ඉවසුමක් නැහැ.
”පේ්රක්ෂකාගාරය සිනා සාගරයක් වෙද්දී රජු නාට්‍යය ජනවාරි 25, 3.30 ට හා 6.30 ට හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවට ගෙන ඒම තමයි අපේ අපේක්ෂාව.
අපොන්සු කියන්නේ නාට්‍ය පක්ෂියාගේ කුතුහලය තවත් වැඩි කරන ගමන්. එකවරම පිරිසක් ගායනයකුත් කරගෙන වේදිකාවට කඩාපාත්වුණා. නාට්‍ය පක්ෂියාත් එතනම තිබුණු යටලීයකට ගොඩ වෙලා දරුවොත් එක්කම ඒ රංගය රසවින්දා.
”සතුටු සාගරේ ගිලෙන්න ආරාධනා
නටමුකෝ කියන්න එන්න ගී ගායනා
සොමිය දාන බ්රේක් ඩ්රාන්ස් මේ රංගනා
බෝරීන් නැති ලයිෆ් එකට පාර පෙන්නනා
දන්නෙම නැතුව හැන්දෑ කොරෙත් උදාවෙලා කුරුළු අම්මා මඟ බලාගෙන ඇති අපි එනකම්. අපි යමුද එක කුරුලූ පැටියෙන් කියපු අදහසට නාට්‍ය පක්ෂියාත් එකඟ වුණා.
සටහන හා ඡායාරූප - අමිල චින්තක ගමගේ


