
(විමුක්ති එස් රුද්‍රිගු)
වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදා ප්‍රධානී වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇත.
වසන්ත කරන්නාගොඩ මහතාට සහ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මියට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලුවීම සම්බාධක මගින් වළකා තිබේ.මානව හිමිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා ඇත.
රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් මානව හිමිකම් කඩකිරීම පිළිබඳ බරපතල චෝදනා වසන්ත කරන්නාගොඩ මහතාට එල්ල වී ඇති බවත් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලුවීමට ඒ හේතුවෙන් අවස්ථාව නොලැබෙනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ට ඇති දණ්ඩමුක්තිය අවසන් කරමින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට සිය කැපවීම යලි තහවුරු කරන බව බ්ලින්කන් මහතා පවසා ඇත. එසේම මානව හිමිකම් කඩවීමට ලක් වූවන්ගේ වේදනාවන් අවබෝධ කර ගනිමින් මානව හිමිකම් කඩකළ පුද්ගලයන්ට එහි වගකීම ලබා දීම සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කැපවී සිටින බව බ්ලින්කන් මහතා නැවත වරක් අවධාරණය කර තිබේ.

