කරන්දෙනිය පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක්


කුරුඳු කඩේකින් අට මාසයකට පෙර කුරුඳු කිලෝ 24ක් සොරකම් කළැයි කරන්දෙනියේ කිරිපෙද්දේ පෑස්සුම් ශිල්පියකු වන චන්දිල පද්මකුමාර ගුණසිංහ බොරු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත්තැයි කරන්දෙනිය පොලීසියට එරෙහිව ගැමියෝ කරන්දෙනිය මහ ඒදන්ඩ හංදියේදී උද්ඝෝෂණයක් ඇරැඹීය.

මෙම උද්ඝෝෂණය පවතිද්දීම සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී රිමාන්ඩ් බාරයට පත් කැරිණි.