කරන්දෙණිය රෝහලේ ගිලන් රථ රියදුරු නිමල් ජයසිංහට පසුගිය 19 වැනිදා පහරදීම ගැන පොලීසිය නිසි පරීක්ෂණ නොකරතියි රෝහල් කාර්ය මණ්ඩලය ද, ගැමියෝ පිරිසක් ද රෝහල ඉදිරිපිට අද දහවල් දොළහට පැයක උද්ඝෝෂණයක් ඇරඹූහ.
ගිලන් රථ රියදුරා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබතියිද, අත්අඩංගුවට ගත් අය ඇප පිට නිදහස් කර ඇතැයි ඔවුහු කියති.
රෝහල් ගිලන් රථ සේවය මුළුමනින්ම ඇනහිටියේය.