කරන්දෙණිය මාල කල්ලිය අල්ලයි


කරන්දෙණියේ මාල කඩන හතේ කල්ලිය යතුරුපැදි දෙකක් හා රුපියල් පනස් දහසක මාල දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ලාල් චන්ද්‍රසිරි මහතා වැඩ බාරගත් ගමන් කළ මුල්ම කාරිය වූයේද මාල කල්ලිය ඇල්ලීමයි.

ඔවුන් වයස අවුරුදු 17-20 අතර අය බව ද පොලීසිය කියයි.

ඔවුන් හදුනාගැනීම සඳහා බලපිටි උසාවියේ සඳුදා පැවැත්වෙන පෙරට්ටුවට ඉදිරිපත් වන්නැයි මාල අහිමි වූ කතුන්ගෙන් පොලීසිය ඉල්ලීමක් ද කරයි.