කරන්දෙණිය පුතාගෙ ගෙට ගිනි


කරන්දෙණිය කොටවෙල මව සහ දරු දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වන පිය පුතු දෙදෙනාගේ ගෙට අද අලුයම ගිනි තබා ඇතැයි ගැමියෝ කියති.

පියාගේ ගෙට ගිනි තැබූ නමුත් ගිනි ඇවිලී නැතැයි කියති.

අලුයම පහ වන විටත් පුතාගේ ගෙය ගිනි ගෙන දැවෙමින් පැවැතිණි.

කුරුඳු කාර්මිකයෝ දෙදෙනෙක් මේ ගෙදර විසූහ.