කරන්ට් වදින චුවින්ගම් පොළොන්නරුවෙන්


විදුලිසැරයක් වැනි කම්පනයක් ඇති වන චුවින්ගම් දෙකක් හා පෑනක් පොළොන්නරුවේ ලංකාපුර අවුරුදු 14ට අඩු පාසල් සිසුන් දෙදෙනකු ළඟ තිබී සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

ලිවීම සඳහා පෑන අතට ගත් විට විද්‍යුත් කම්පනයක් සිදු වන බව එම අධිකාරිය පවසයි.

වයස අවුරුදු 14ට අඩු හා 50ට වැඩි අය මෙම පෑන් හා චුවින්ගම් පාවිච්චි නොකළ යුතු යැයි උපදෙස් දී ඇතැයි කියති.

පුලතිසිගම කඩයකින් මෙම පෑන රුපියල් 150කට ගෙන ඇති බවත්, චුවින්ගම්වල මිල සඳහන් නැති බවත් කියති.

කඩ හිමියා පවසා ඇත්තේ චුවින්ගම් හා පෑන් විකිණී අවසන් බවයි.

මෙවැනි පෑන් හා චුවින්ගම් තමන් දුටු මුල් අවස්ථාව මෙය බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.