කරන් එක්ක 'ඩියර් සින්දගී'


2016-11-01-ent-32

නොවැම්බර් මුල් සතියේදී ‘ස්ටාර් වර්ල්ඩ්’ සැටලයිට් නාළිකාව හරහා විකාශය වීමට නියමිත ‘කොෆි විත් කරන්’ රියැලිටි වැඩසටහන සඳහා මුල්ම ආරාධිත යුවළ වී ඇත්තේ ‘ඩියර් සින්දගී’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන ෂාරුක් ඛාන් හා ආලියා භාට් බව සඳහන්වනවා.

මෙම චිත්‍රපටය සඳහා මුලින් රන්බීර් කපූර්, අයිශ්වර්යා රායි හා අනුෂ්කා ෂර්මා එක් කරගැනීමට තීරණය කර තිබුණද ඔවුන් තිදෙනා රංගනයෙන් දායක වූ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය පසුගිය ඔක්තෝබර් 28 වැනිදා තිරගත වීමත් සමග එම අදහස අත්හැරුණු බව සඳහන්.

‘ඩියර් සින්දගී’ චිත්‍රපටයේ ප්‍රධාන නළුනිළි යුවළට පසුව කරන්ගේ ‘කොෆි විත් කරන්’ වැඩසටහන සඳහා සුශාන්ත් හා ක්‍රිති ෂැනොන් දෙදෙනාද, රන්වීර් හා වානි කපූර් යුවළද ඉදිරි කොටස් සඳහා එක්වීමට නියමිතව ඇත.

 

2016-11-01-ent-33