කරච්චි විශ්ව විද්‍යාලයට ලකුණු 26 ක ජයක්


රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලයේ පළමු දිනයේ තෙවැනි තරගය ලෙසින් පැවති  ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම සහ පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 26 ක ජයක් ලබාගැනීමට පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්විය.

කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායමේ ෆරාස් අලි ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 68 ක් රැස්කිරීමට සමත්විය.

කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 20 තුළදී කඩුලූ 5 ක් දැවී 161

(ෆරාස් අලි නොදැවී 68, නබීල් කලීඞ් 24, රමීස් අසීස් 22, ජිෆ්රි ඈෂ්මෝර් 40/2)

නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 20 තුළදී කඩුලූ 7 ක් දැවී 135

(බ්‍රෙන්ඩන් මැකලන් 45, ජේම්ස් මැක්නීල් 40, මිර්සා ජමීල් 25/2)