යාපන කයිට්ස් දුපතේ රා තැබෑරුම ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ පී ඩී පී ) ඡන්ද කාර්යාලයයක් බවට පත් වී ඇත.
ඡන්ද නීතී උල්ලංඝණය කරමින් මහා මාර්ගවලද,ගොඩ නැගිලි හා බිත්තිවලද අපේක්ෂකයන්ගේ ප්‍රචාරක දැන්වීම් අලවා ඇතැයි ප්‍රදේශවාසිහු කියති.
කයිට්ස් වැසියන් කියනුයේ යුද්ධය අවසන් වුවත් ජීවන යුද්ධය අවසන් වී නැති බවයි.
මෙවර ඡන්දයට කවුරුන් ඉදිරිපත් වී සිටීද යන්න නොදන්නා බවත් මේ දිනවල මුලික ප්‍රශ්නය නියයත් සමග ඇති වු ජල හිගය බව කයිට්ස් වැසියෝ කිහිප දෙනෙක් සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් සදහා වු ජනතා ව්‍යාපාරය සමග පැවසීය.