කයිට්ස් දේවස්ථානයට පහරදුන් ජාජබ සංවිධායක ඇතුළු හතරක් මාට්ටු


(සිතුම් චතුරංග)

යාපනය කයිට්ස් මෙලින්ජිමුනායි නාරායම්පති මාතා දේවස්ථානයට බීමත්ව බලහත්කාරයෙන් අ‍ැතුළුවී එහි තිබූ වටිනා සුරුවමක් කඩාබිඳ දේපොළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ කයිට්ස් සංවිධායක අ‍ැතුළු අටදෙනකු  අත්අඩංගුවටගත් බව කයිට්ස් පොලිසිය කියයි.

දේවස්ථානය අසල යාබද ඉඩමක විස්සකට අ‍ාසන්න පිරිසක්  සාදයක් පවත්වා අ‍ැති අතර එම අවස්ථාවේ අශෝභන ලෙස හැසිරෙන පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් දේවස්ථානයේ සිටි පිරිසක් විරෝධය පලකිරීමත් සමඟ සංවිධායකවරයා අ‍ැතුළු පිරිස පැමිණ දේවස්ථානයට කඩාවැදී අ‍ැති බව පොලිසිය පැවසීය.

ඉන්දියාවේ සිට රැගෙනවිත් බැතිමතුන් සඳහා වන්දනාමාන කිරීමට සකස්කර තිබූ වටිනා සුරුවමක් එම පිරිස  කඩාබිඳදමා අ‍ැති අතර අනතුරුව එම පිරිස දේවස්ථානයේ තිබූ දේපොළවලට ද හානිකොට පිටවගොස් අ‍ැති බව පොලිසිය පැවසීය.