කඹ අදින්න ගිහින් දත් කැඩෙන්න ගහලා


හබරාදූව ප්‍රාදේශීය සභා කණ්ඩායම හා ගාල්ල මහ නගර සභා කණ්ඩායම අතර කොග්ගලදී  පැවැති කඹ ඇදීමේ තරගයකින් ගාල්ල මහ නගර සභාව ජය ගැනීමෙන් පසුව ඔල්වරසන් දුන් ක්‍රීඩකයකුට හබරාදූව කණ්ඩායමේ පහරදීමකින් දත් දෙකක් කැඩී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.

ඔහු පොලිසියට කියා ඇත්තේ හබරාදූව ප්‍රාදේශීය සභාපති ද තමාට පහර දුන් බවයි.

හබරාදූව ප්‍රාදේශීය සභාපති ඩිල්ෂාන් විදානගමගේ මහතා පැවසුවේ තමා කිසිවකුට පහර නුදුන් බවයි. කඹ අදින කණ්ඩායමේ අට දෙනා අතර තමා ද සිටි බවත්, කඹ ඇදිල්ලේ වීඩියෝ දසුන් තමා සතුව ඇති බවත්, ගහ ගත්තේ කඹ ඇද්ද පිරිස නොව බලා සිටි පිරිසක් බවත් සභාපතිවරයා පවසයි.

එහි සිටි තවත් අය පැවැසුයේ පහරදීම සිදු වූ අවස්ථාවේ සභාපති වේදිකාවේ සිටි බවයි.