කමාන්ඩෝ සෙබළකුගේ කකුල් දෙකටම වෙඩි වැදී රෝහලේ


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මන්නාරම අඩම්පනේ  යුදහමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ රාජකාරි කරන කොමාන්ඩෝසෙබලෙකුගේ   කකුල් දෙකට අද  22 වෙනිදා  දහවල් වෙඩි වැදී තුවාල ලබා මන්නාරම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇතැයි අඩම්පන් පොලීසිය පවසයි

මොහුට වෙඩි වැදුණු ආකාරය ගැන තවම තොරතුරු හෙළි වී නොමැති නිසා  ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට  අඩම්පන් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ගතකර ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි තිලකරත්න නැමැති සෙබළෙකි