
(තිලකරත්න දිසානායක සහ එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)
දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී ගෙවල් බිදුම් දිචු කළ 12 වතාවක් වරෙන්තු ලබා ඇති කොල්ලකරුවකු අත් අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලීසිය සඳහන් කරයි.
හොරොව්පොතාන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන 33 හැවිරිදි සැකකරු අනුරාධපුර , කැබිතිගොල්ලෑව , ගම්පහ, බෙම්මුල්ල, මීරිගම, කැලණිය, ජාඇල , කිරිබත්ගොඩ , කටුනායක , සීදුව, රාගම ,යක්කල යන ප්‍රදේශය ඇතුලු ප්‍රදේශ කිහිපයකදීම සිදු කළ සොරකම් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු 12 ක් නිකුත් කොට ඇති බවත් මොහු දෙවරක් බන්ධනාගාරයෙන් පළාවිත් සිටින අයකු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
සොරකම්කරන ලද භාණ්ඩ තොගයක් අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
මෙම භාණ්ඩ අතර යතුරු පැදියක් , රන් භාණ්ඩ, ගෑස් සිලින්ඩර්, වටිනා ජංගම දුරකථන සහ අත් ඔරලෝසු, පිත්තල භාණ්ඩ ඇතුලු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා විවිධ දෑ පවතින බවත් 4 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති මොහු ඉංජිනේරුවරයකු ලෙස පෙනී සිටිමින් ජාතික හැඳුනුම්පතක්ද සකසා ගෙන රන් භාණ්ඩ කොළඹ හෙට්ටිවීදියට අලෙවි කොට ඇති බවට අනාවරණය වූ බවද පොලීසිය කියයි.
සැකකරු බෙම්මුල්ල දී සැකපිට අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී රට පුරා සිදු කළ සොරකම් වැලක් සම්බන්ධයෙන් හෙළි කර ගැනීමට හැකිවූ බවද පොලීසිය සඳහන් කරයි.

