කම්පුචියාවට 1200 ක්


නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළුවී දැනට නාවුරු දූපත්හි රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් ඇතුළු සරණාගතයින් 1200 කට අධික පිරිසක් කම්පුචියාවට මාරු කර යැවීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර ඇත.

කම්පුචියාව හා ඕස්ට්‍රේලියාව අතර ඉකුත් සැප්තැම්බරයේ අත්සන් කළ ගිවිසුමට අදාළව මෙය සිදුවන බවද වාර්තාවේ. මෙහි පළමු කණ්ඩායම ලබන සඳුදා (20) කම්පුචියාව වෙත යොමු කෙරෙන බව ‘ඕස්ට්‍රේලියන්‘ වෙබ් අඩවිය කියයි.