කම්කරු වර්ජනය ගැන ඇමැති කියයි


කම්කරු නිලධාරින්ගේ වැඩ වර්ජනයේ එකම අරමුණ දෙපාර්තමේන්තුවේ වැඩ කඩාකප්පල් කිරීම බව යැයි කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා අද(21) පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.

මේ වනවිටත් දෙපාර්තමේන්තුවේ කටයුතුවල විශාල පසුබෑමක් ඇතිවී ඇතැයි ද කී ඔහු කම්කරු නිලධාරින්ගේ සංගමයේ නිලධාරින් ඇතුළු කිහිප දෙනකුගේ වුවමනාව මත දිග්ගැස්සෙන වර්ජනය අතහැර වැඩට එන්නට බොහෝ නිලධාරින් කැමැත්ත පළ කර ඇතැයි කී අමාත්‍යවරයා ආරක්ෂාව සලසන බැවින් බිය නොවී වැඩට එන්නැයි කම්කරු නිලධාරින්ගෙන් ඉල්ලීමක් ද කළේය.

වැටුප් වැඩි කිරීමට එකඟතාව පළ කළ නොහැකි බවත්, කම්කරු සබඳතා සේවාව ආරම්භ කිරීම හා දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීම යන ඉල්ලීම්වලට මාස තුනක් ඇතුළත විසඳුම් ලබා දීමට පොරොන්දු වී ඇති බවද ඇමැතිවරයා කීය.