කම්කරු නිලධරයෝ අල්ලස් දැලේ


මහනුවර අලවතුගොඩ තෙල් හලකින් රුපියල් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කම්කරු නිලධරයෝ දෙන්නෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා විසින් ලබන 21 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

හිග සේවක අර්ධ සාධක හා සේවා භාර මුදල් නොගෙවා සීටිම සදහා තෙල් හල හිමි මොහොමඩ් අයුෆ් අබ්දුල් කරීම්ගෙන් මෙම අල්ලස  ගත් බව කියන මාවනැල්ලේ පුෂ්පා කුමාරි හෛරත් හා මහනුවර මිලින්ද පියසිරි විතාරණ අල්ලස් හා දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.