හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති විදේශ කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්ධන ගේ විදේශ ගමන් බලපත්‍ර මාස 3කට අත්හිටුවීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ සභාපති නියෝග කළේය.
නව රජය පත්වීමෙන් පසු විවිධ කණ්ඩායම් ගොනුකළ අල්ලස් හා දූෂණ පැමිණිලි අනුව දේශපාලනඥයන් ඇතුළු තවත් කිහිප දෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමේ හැකියාව සලකා බලන බව අල්ලස් හා දූෂණ විමර්ශන කොට්ඨාශ සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන මහතා කීවේය.

