කබල් පාසල් වාහන 23ක් හොරණින්


හොරණ පාසල් බස් හා වෑන් රිය අසූවක් අද පරීක්ෂණයට භාජනය කැරිණි. පොලීසිය, මෝටර්රථ පරීක්ෂකවරු හා බලපත් නිලධාරින් එහි වූහ.

වාහන 23ක් ධාවනයට නුසුදුසු බව ඔවුහු නිගමනය කළහ.

ඒවායේ බලපත් රඳවා ගත් නිලධරයෝ මාසයක් ඇතුළත අලුත් වැඩියා කර පෙන්වන ලෙස නියෝග කළේය.

සුළු අඩුපාඩු සහිත වාහන පිළිසකර කර පොලීසිය පෙන්වන ලෙස ද නියම විය.

මෝටර් රථ පරීක්ෂකවරුන් වන උපුල් ප්‍රේමකුමාර, ඒ මල්දෙණිය හා රථවාහන පොලිසියේ ස්ථානාධිපති රංජිත් ජයන්ත මහත්වරු ද මේ සෝදිසියට එක් වූහ.