කබරයා 14ක් රෝහලට යවයි


අධිවේගී මාර්ගයේ පින්නදූවදී කබරයකු බේරීමට තිරිංග තද කළ කාරයකට පසුපසින් ආ වාහන 5ක් එකට ගැටී 14 දෙනකු තුවාල ලැබූ බව අධිවේගී මාර්ග නිලධරයෝ කියති.

තුවාලකරුවෝ කරාපිටිය රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමට ආසන්නයෙන් (89 කිලෝමීටර් කනුව අසල) අනතුර සිදුවී ඇත.