කබර හූනා සතුන්වත්තට


කබර හූනකු රුපියල් ලක්ෂ හයකට විකිණීමට ගිය බව කියන පුද්ගලයකු ඔක්තෝබර 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

සැකකරු පැවසුවේ දුර්ලභ හූනකු හා දුර්ලභ හක්ගෙඩියක් ගෙන ආවොත් හොඳ ගණනකට විකුණා ගත හැකි බවයි.

සැකකාර දයාන් චමින්ද වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී චන්ද්‍රා අබේරත්න මහතා පැවසුවේ හූනා රුපියල් හය ලක්ෂයක් වටින බව පොලිසිය ආවාට ගියාට තක්සේරු කර ඇති බවයි.

හූනා දෙහිවල සතුන්වත්තට යවා වාර්තාවක් ගන්නා ලෙසත්, හූනකු රැගෙන කොළඹට එන ලෙස ඔහුට දැන්වූ පොලිස් නිලධාරියා කවුදැයි වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.