කපුවා කපෝති කරන්න ගිය හොරු කපෝති වෙති


පසුගියදා වැලිපැන්න නුගගහලන්ද සොහොන්බිම අසලදී කපුවකුට පහරදී බෙල්ලද ටිකක් කපා පවුම් 19ක රන්බඩු පැහැරගත් බව කියන පින්තාරු බාස්ලා තිදෙනෙක් ද තවත් තිදෙනෙක් ද කළුතර දිසා අපරාධ ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

කපු මහතාගේ රන්බඩු උගස් කර ලබාගත් රුපියල් ලක්ෂ 10කින් ලක්ෂ 3කට ගත් යතුරු පැදියද උගස් කළ රන්ද සොයාගත් බව පොලිසිය පවසයි.

ඔවුන් එම යතුරු පැදිය මිලට ගෙන ඇත්තේ තවත් කොල්ලකෑම් කිරීමේ අටියෙන් බවත් පොලිසිය කියයි. ඔවුන්ගේ මුල්ම සොරකමින් තුවාල ලැබූ කපු මහතා බරපතල තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.