කපිතාන් දසනායකගෙන් ප්‍රශ්න කර මුදා හරී


හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන්  ඩී කේ පී දසනායකගේ අධික්ෂණය යටතේ පැවැති  නාවික හමුදා විශේෂ මෙහෙයුම්  ඒකකයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී  අතුරුදන්වු බව කියන කොළඹ හා ත්‍රිකුණාමලයේ සිසුන් දස දෙනා  අපොස උසස්පෙළ හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  අජිත් රෝහණ මහතා පවසයි.

ඇමෙරිකාවේ පාඨමාලාවකට ගොස් සිට ඔහු නාවික හමුදාවෙන් ගෙන්වා ප්‍රශ්න කර මුදාහළ අතර ඊට පෙර හත් දෙනකුගෙන් ප්‍රශ්න කැර ඇත.මොවුන් ධනවත් පවුල්වල සිසුන්  බවද පස් දෙනකුගේ ජාතික හැදුණුම්පත් පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවද ඔහු කියයි.