කපාට බැංකුව ජුනීයේ එයි


ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට  පිහිටැවු මානව හෘද කපාට බැංකුවේ ඉදිකිරීම් මේ මාසයේදී අරඹන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ  ළමා හෘද රෝග විශේෂඥ  වෛද්‍ය දුමින්ද  සමරසිංහ මහතා පැවසීය.

මෙම වසරේ ජුනී මාසයේදී හෘද කපාට බැංකුව විවෘත කිරීමට නියමිත බවත් වෛද්‍ය  සමරසිංහ මහතා සඳහන් කළේය.

පුද්ගලයකු මිය ගොස්  පැය විසිහතරක් ගතවීමට පෙර කපාට ලබාගත යුතු බවත් එබැවින් මේ සඳහා පුළුල් ලෙස ජනතාව දැනුම්වත් කැර  පුණ්‍යකර්මය පිළිබඳව වටහා දීමට ක්‍රියා කරන  බවත්  වෛද්‍යවරයා කීවේය.

‘පටක බැංකුව  රිජ්වේ ආර්යා ළමා රෝහලේ  ඉදි කරනුයේ සෞඛ්‍ය අමාත්‍යංශයයි.  රුපියල් කෝටි පහක් පමණ වටිනා සියළුම උපකරණ රොටරි දිස්ත්‍රික් 3220 සහ කොළඹ කොටුව රොටරි සමාජයේ ව්‍යාපෘති කළමනාකරු සුශේන  රණතුංග මහතා පැවසීය.

හෘද කපාට බැංකුවේ තොරතුරු දැනගැනීමට අවශ්‍යය නම් rotarianswithaheart.org වෙබ් අඩවියට පිවිසීමට හැකියි.