ගම්පහ කප්රුක හිමිකරු ලැරික් සමන් රාජපක්ෂ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෝ මහාධිකරණ නියෝග පරිදි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා විසින් ඇප පිට නිදහස් කරනු ලැබූහ.
ලක්ෂමන් දිසානායක හා රෝහන පුෂ්පකුමාර යන සැකකරුවෝ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප තුනක් සහ රුපියල් ලක්ෂ එකහමාර බැගින් වූ මුදල් ඇපයක් මත මුදා හැරිණි.
ලැරික් සමන් රාජපක්ෂ මහතා ඝාතනය කරනු ලැබූවේ පසුගිය වසරේ ජූලි දහතුන් වෙනිදාය.