වාරියපොළ ධනවත් පවුලක තරුණියක තෙසතියකට පෙර පැහැරගත් යටියන්තොට විවාහකයෙක් (31) දැරියගේ පුංචි අම්මාගෙන් රුපියල් හය ලක්ෂයක කප්පමක් ගනිද්දී අද (27) අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය අප්‍රේල් 4 වැනි දා ඇය පැහැරගත් මොහු මුලින්ම රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලා ඇත. ක්‍රමයෙන් එය රුපියල් ලක්ෂ 6 දක්වා අඩුකර ගැනීමට මව්පියෝ සමත් වූහ. පොලිසියේ උපදෙස් අනුව සල්ලි කොළමෙන් කැපූ කඩදාසි මිටියක් නියමිත ස්ථානයකදී කප්පම්කරුට දෙද්දී වෙස්වළාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. තරුණිය රෝහල් ගත කරනු ලැබ සිටින්නීය.