ව්‍යාජ ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් නීති විරෝධී ලෙස මෙරටින් පිටවීමට උත්සහ කිරීමේ වරදට කටුනායක ගුවන්තොටුපළේදී අත් අඩංගුවට ගන්නා සැකකරුවන් වෙනුවෙන් පොලිසියට අල්ලස් ලබා දී අධිකරණයට ඉදිරිපත් නොකොට නිදහස් කර දිය හැකි බව පවසමින් රුපියල් ලක්ෂ අටක කප්පම් මුදලක් ලබා ගත් බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රැකියා සපයන මෑන් පවර් ඒජන්සියක හිමිකරුවෙකි.
පසුගිය 2014 වසරේ ජුලි 17 වෙනිදා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා භාවිතා කරමින් සෞදි අරාබියට යාමට පැමිණි කාන්තාවක් දෙදෙනෙකු සහ ඔවුන්ට ඒ සඳහා ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කරන ලද විමර්ශන වලින් හෙළි වු තොරුතුරු මත පොලීසිය ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

