කප්පම් ගන්න ලක් කත පැහැරගනී


කුවේට් රාජ්‍යයේ කුවේට් නුවරදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැරගත් නාඳුනන දෙදෙනකු ඇගේ ඩිනාර් 500ක් (රුපියල් 210500) වටිනා ජංගම දුරකතනය පැහැරගත් බව අල් සහීඞ් පුවත්පත කියයි.
එම සේවිකාව කියන අයුරින් දුල්රෝඩාහිදී ඇය පැහැරගෙන කාරයකට දමා මුදාහැරීමට නම් ඩිනාර් 500ක් ඉල්ලා ඇත.
ඇය එහි ගෙන්වූ පුද්ගලයාගෙන් මුදල් ඉල්ලා දෙන බව කියා ගෙදර ආ විට පැහැරගත් රියේ රියැදුරාද තම සේවාදායකයාටම වැඩකරන බව දැනගත්තාය. ඇය උදව් ඉල්ලා කෑ ගැසුවාය. ඇගේ සේවාදායකයා පොලිසියට පැමිණිලි කෙළේය.