කප්පම් ඉල්ලා පැහැරගත් තරුණයා මග දමා ගිහින්


  මීගොඩ ආර්ථීක මධ්‍යස්ථානය අසලදී  පැහැරගත් බව කියන තරුණයා  අද අත පය බැඳ දමා නගරයේ දමා ගොස් සිටියදී සොයාගෙන ඇත.

රුපියල් ලක්ෂ  දහයක  කප්පම් මුදලක් ලබා ගැනීමට මොහු  පැහැරගත් බව පැවසේ.

පසුගිය  5 වැනදා  රාත්‍රියේ  දරුවා පැහැරගත් පිරිස  පුතා යලි ලබා දීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ දහයක මුදලක් අවශ්‍ය බව  දරුවාගේ පියාට දුරකතනයකින් පවසා ඇත.

‘‘ තමුන් පුතාට ආදරෙයිද ? ගොඩාක් ආදරෙයිද? ගොඩාක්ම ආදරෙයි ද ? ‘‘ දැයි පියාගෙන් විමසා  පියා ‘‘ඔව්‘‘ යැයි පැවසූ විට  එසේනම් මෙම මුදල ලබාදී පුතා නිදහස් කර ගන්නා ලෙසා පවසා  ඇමතුම විසන්ධි කල බවත්  පියා  පාදුක්ක පොලිසියට කල පැමිණිල්ලේ සදහන් වේ.

මෙසේ පැහැරගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර අංක 299/4 නිවසෙහි පදිංචිව සිටි චතුරංග මධුෂාන් කුලරත්න නැමැති 18 හැවිරිදි තරුණයෙකි

එහෙත් පොලිසිය පවසන්නේ මෙම පැහැරගත් බවට සැක කෙරෙන තරුණයා යතුරු පැදියක හිමිකම් පතක් උකසට තබා මුදල් ලබා ගෙන ඇති බවත් තරුණියන් කිහිපදෙනෙකුම සමග ආදර සම්බන්ධතා පවත්වමින් කෙළිලොල් ජීවිතයක් ගත කර ඇති පුද්ගලයෙකු බවට ද දැඩි මුදල් අවශ්‍යතාවයකින් පෙලූණු අයෙකු බවට තොරතුරු ලැබී ඇති බැවින් සියලූ කරුණු පිළිබදව විමර්ශණ කරමින් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි.