කප්පම ගන්න පැහැරගත් ලාංකිකයා බේරාගනී


ජපානයේ කනගාවා හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයකු පැහැර ගත්තැයි සැකපිට තවත් ලාංකිකයින් තිදෙනකු ඇතුළු හත් දෙනකු ජපන් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ජැපෑන් ටුඩේ“ පුවත්පත කියයි.

ජපන් ජාතිකයින් සිව් දෙනකු හා එක්ව ඉකුත් ඔක්තෝබර් 14 වැනි දා ශ්‍රී ලාංකිකයා පැහැරගෙන ඔහුගේ සහෝදරයාගෙන් ජපන් යෙන් මිලියන 3.18ක් (රුපියල් 3,750,000.00 ක් පමණ) කප්පම් ඉල්ලා ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.එම මුදල ලබා නොදුන්නහොත් පැහැරගත් තැනැත්තා මරා දමන බවට සැකකරුවන් ඔහුගේ සහොදරයාට දන්වා ඇතැයි ද පැවසේ.

විමර්ශනවලදී පැහැරගැනුණ ලාංකිකයා අෂිකාගා ප්‍රදේශයෙන් සොයා ගනු ලැබීය. කප්පම සැකකරුවනට ලබා දී ඇත්ද යන්න මෙතෙක් හෙළිවී නැතැයි ද පැවසේ.