කප් රුකෙන් කප් රුකක් පහළවේ


තමාට හා දරු පවුලට පදිංචියට ඉඩමක් නැතැයි කියමින් දමන එක්ගල්ඔය ඒ.ඩබ්ලිව්. ධනසිරි මහතා දමන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පොල්ගසකට නැග්ගේය. දෙපැයක් කරාලයේ වාඩිවී සිටියේය. අම්පාර මහා දිසාපති නීල් ද ඇල්විස් මහතාගේ උපදෙස් පරිදි දමන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරියකු ඔහුට ලිඛිතව දැන්වූයේ ඉඩමක් නැත්නම් ඉඩමක් දෙන බවයි. රජයේ නිලධරයාට එරෙහිව කළ පැමිණිල්ලද විභාග කරන බව ඔහුට දැන්වීය. ඉන්පසු ඔහු ගසෙන් බැස්සේය.